-
-
-10%
-
-
-10%
ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණය
0විවිධ බලවේග මගින් යම් යම් හේතු නිසා මහජනතාවගෙන් වසන් කිරීමට ප්‍රයත්න දරන සාධක, තොරතුරු හෙළිදරව් කිරීම ගවේෂණාත්මක ප්‍රවෘත්ති කරණයේ මූලික අරමුණයි. සිය වෘත්තිය පිළිබඳ ගැඹුරු සමාජ සදාචාරාත්මක වගකීමක් ද, සාධාරණ මානවවාදී විඥානයක් ද සිද්ධියේ පෘෂ්ඨීයත්වයට සීමා නොවී අභ්‍යන්තර හරය කරා විනිවිද ගොස් නියම සහ නිසි තතු හෙළිදරව් කිරීම ගවේෂණාත්මක ප්‍රවෘත්ති කරණයේ කර්තව්‍ය වේ. ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණය, ගෝලීය සහ ජාතික පර්යාලෝක, මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ මාධ්‍ය අධ්‍යයන ක්ෂේත්‍රයේ විද්‍යාර්ථීන්ට මෙන්ම මාධ්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාට ප්‍රයෝජනවත් වැදගත් කෘතියකි.
-
ගැඹුරු මුහුද – ආතර් සී ක්ලාක්
0‘ගැඹුරු මුහුද; වනාහි මෙතැන් සිට සියවසක් පමණ ගිය පසු මිහි පිට ඇති වන සමාජයක් පසුබිම් කොට රචිත විද්‍යා නවකතාවකි. විද්‍යාව හා තාක්ෂණය මත ගොඩනැගුණු එම සමාජය පාලනය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති මත පිහිටුව න ලද ජගත් රජයකිනි. අඟහරු ග්‍රහයා මත පදිංචි වූ මිනිසා සිකුරු ග්‍රහයා මත ද පදිංචි වීමට සූදානම් වෙයි. ගොඩ ගොවිතැන් අත්හැර දමා මුහුදේ ගොවිතැන් කරන මිනිසා මුහුද කොටු කොට, කිරටත් මසටත් තල්මසුන් ඇති කරයි. දේව විශ්වාස මත ගොඩනැගුණු ආගම් අභාවයට යන අතර ඉතිරි වන්නේ වෙනස් වන ලෝකයේ යථාර්ථයට මුහුණ දිය හැකි බුදු දහම පමණි. එහෙයින් අනුරාධපුර වැඩ වෙසෙන අයිරිෂ් ජාතික සංඝ නායක හිමියෝ ජගත් සමාජයේ ගෞරවාදරයට බඳුන් වූ නායකයෙක් වෙති. එතුමා තල්මසුන් ඝාතනයට විරුද්ධව ගෙන යන සටන මෙම නවකතාවේ ප්‍රමුඛ ස්ථානය ගනියි. ආතර් සී. ක්ලාක් 1956 දී ‘ගැඹුරු මුහුද ‘ රචනා කළේ මෙකල තල්මසුන් ඝාතනයෙහි ඇති කුරිරැකමත්, අනුරාධපුර බෞද්ධ ශිෂ්ටාචාරය දැක පැහැදී පහළ වූ හැඟීමෙන් යුතු ව බුදු දහමෙහි සත්ත්ව කරුණාවට හිමි වන ස්ථානයත් ලෝකයාට පෙන්වා දීම පිණිස ය.
-
-
-
චන්ද්‍රිකා
0මෙරට පළමු කාන්තා මහ ඇමතිනිය වන සහ ජනාධිපතිනිය, ලොව සිව් වන විධායක ජනාධිපතිවරිය මෙන්ම දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලාට පමණක් දෙවැනි වූ ඡන්ද ප්‍රතිශතයකට උරුමකම් කියන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය, ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනයේ සුවිශේෂී චරිතයකි. ඇගේ පෞද්ගලික සහ දේශපාලන ජීවිතය පිළිබඳ ලියැවුණු මේ අපදානය මෙරට දේශපාලනයේ එක්තරා යුගයක් සංකේතවත් කරයි.
-
-
-
-
-10%
ජ්‍යෝතිෂය – විවාහය සහ කර්ම බලය
0තුෂාරා වික්‍රමසිංහ