Availability: In Stock

ශ්‍රී රාවන උරුමය සහ තපොරාවනය

SKU: BKS-P1-A773

රු1000

මායානු වර්ෂ 5126 ක ගුප්ත ඉතිහාසය – රාවණ ඉතිහාසය ගවේශණයේ මෑතකාලීන මූලාරම්භය ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් අරඹා ඇත. උන්වහන්සේ පුලතිසි, රාවන, විභීෂණ, මහා ඇදුරන් බලවතුන් සේ දැක ඉතිහාසයට එක් කොට ඇත. සැළලිහිණි සංදේශය එහි සිහිවටනයකි. රාවණ රජු පිළිගත් හෙළයින් පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවේ වෛද්‍ය ශිරෝමණී, වෛද්‍ය නාථ ලෙස රාවණාචාර්යයන් හඳුන්වා ඇත. එබැවින් දේශීය වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සලකනු ලබන රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්වාමින් වහන්සේ රාවණ ගවේෂණයේ මහා විද්වතෙකි. අමෙරිකාවට දේශීය වෛද්‍ය විද්‍යාව ගෙන ගිය මහා රාවණ බෙහෙත් වත්ත ගොඩ නැගූ මුදලිහාමි වර්ණසූරිය මැතිඳු රාවණ ගවේෂණයේ කීර්තිමත් විද්වතෙකි.මායනු වර්ෂ 5126 ක ගුප්ත ඉතිහාසය තුළ අපේම මුතුන් මිත්තෙක් වන සක්වළට විති කියන මහා රාවණ රජතුමා දඬුමොණරෙන් පියාසර කර ඇති බවටත් එහිදී දක්නා ලද ලෝක සිතියම් හැඩතලය ටොලමි විසින් මූලාශ්‍ර කොට ගෙන ඇති බවටත් ‘තපොරාබනා’ ලෙස ‘තපොරාවනයට’ නම් කිරීම රාවන ඉතිහාසය ලොවට කියාපෑමට කදිම නිදසුනක් වනු ඇත. වාල්මිකීගේ රාමායනයේ සඳහන් ලංකාපුර යනු ලංකේශ්වර නාමය පටබැදී මහා රාවණ රජුගේ ජම්බු භූමිය ලෙසත්ය. දේව සංකල්පිකව මහේශාක්‍ය දේව සභාවේ මුලසුන ගෙන වැඩ සිටින ශිව දෙවියන්ට පමණක් දෙවැනි වන රූපයෙන්ද, හිරු දෙවියන්ට සමාන කළ හැකි හස්ති අස්ථි ප්‍රමාණයෙන් පුදලත් මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ ලොව්තුරා බුදුවරයෙකුගෙන් ලංකාවතර සූත්‍රය ශ්‍රවණය කළ මහා රාවණා රජතුමා අපට සදා අමරණීය වේ. ආචාර්ය ජලිත අමරසිංහයන් ගේ මේ විශ්ව පූජිත ග්‍රන්ථය සත්‍යයේ උල්පත වනු නොඅනුමානය.

16 in stock

Description

ජලිත අමරසිංහ

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී රාවන උරුමය සහ තපොරාවනය”

Your email address will not be published. Required fields are marked *