Description
ඒ ක්‍රිස්තු වර්ෂ 1998 අවසාන භාගයයි. ගත සිත නිවාලන ශීත සෘතුව ආරම්භවිය. භාරතීය ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන්, සාහිත්‍යධරයන් සහ බටහිර විද්‍යාඥයන් ආදී විද්වත් සමාජය තුළ අනපේක්ෂිත ආකාරයේ සුවිශේෂිත කතිකාවතක් ගොඩ නැගුනේ කෙසේ ද යන්න අපැහැදිලිය. එය භාරතීය ශිෂ්ටාචාරය සමඟ සැබැඳි -මාහාභාරත්- පුරාවෘත්තයේ සඳහන්ව ඇති ගුවන් යානා පිලිබඳවය. එවැනි කතිකාවතක් ඇතිවීමට හේතු පාදක වූ කාරණය වූයේ පුරාතන භාරතයේ මහා සෘෂි භරද්වාජ විසින් සංස්කෘත භාෂාවෙන් සම්පාදනය කර තිබුණ -වෛමානිකා ශාස්ත්‍ර- නමැති කෘතිය පිළිබඳව බටහිර විද්‍යාත්මක ඇසකින් බැලීමට කටයුතු කිරීමය. විශේෂයෙන්ම විසිවන සියවසේ පළමු දශකයේ දී පණ්ඩිත් අනිකාල් සුබර්යා ශාස්ත්‍රී විසින් එය ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීමට ද ඊට හේතු පාදක වූ තවත් කාරණාවක් බව කිවහැකිය. මේ අතරේ සංස්කෘත බසින් ලියවුන මෙහි මුල් කෘතියේ පිටපත් කිහිපයක් ද ඉන්දියාවේ ඉපැරණි හින්දු කෝවිල් වල වූ පුස්තකාලවලින් සොයා ගැනීමට හැකියාව ලැබුණ නිසා මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම වඩාත් පහසුවක් වී තිබුණේය.
Reviews
There are no reviews yet.