Description
Madya Kaleen Lanka Samajaya, සම්මානිත මහාචාර්ය ඇම්. බී. ආරියපාල මහතාණන්ගේ – මධ්‍ය කාලීන ලංකා සමාජය – නමැති මාහැඟි කෘතියේ තෙවැනි මුද්‍රණයයි. මෙහි පළමුවෙනි මුද්‍රණය පළවුණෙෝ අදට අඩ සියවසකට ඉහත දී ය. ඒ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය යටතෙහි ය. එහි දෙවෙනි මුද්‍රණය පළ වුණේ සිරිසුමන ගොඩගේ මහතාගේ අනුග්රහයෙනි. මහාචාර්ය ආරියපාල මහතාණන් දැන් අපි අතර නැති නිසා එතුමාණන් වෙනුවෙන් කරන මේ සත්කාරය අපි අගේ කරමු. මේ පොත මුලින් ම පළ වුණේ Society in Medieval Ceylon යනුවෙන් ඉංග්‍රීසියෙනි. එය පිළියෙල කෙරුණේ ලන්ඩන් විශ්වවිදමාලයේ “දර්ශන විශාරද උපාධිය” අරභයා ය. මධ්‍යකාලීන ලංකා සමාජය ගැන දැනගැනීමට සිංහල පාඨක ජනයාට ඇති විශිෂ්ටතම ග්‍රන්ථය මෙයයි. – ජේ. බී. දිසානායක (කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය)
Reviews
There are no reviews yet.