-
ලංකාවේ ප්‍රථම ක්‍රීඩා තරග
0මෙරටට ක්‍රීඩාවන් හඳුන්වා දිමට අපේ පැරැන්නන් ගත් වෙහෙසත්, ඔවුන් මේ සඳහා හෙළු දහදිය හා කඳුලත්, යෙදූ කාලයත්, වැය කළ ධනයත්, යෙදූ ශ්‍රමයත් මේ කෘතියෙන් මැනවින් නිරූපණය වෙයි. මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් ඉතිහාස ගත මෙහෙයක් සිදු කළ මේ පැරැන්නන් ඉතිහාසයෙන් මැකී යාම ගැන ලාංකිකයින් හැටියට අප ලැජ්ජා විය යුතුය. ක්‍රීඩා අතින් දියුණු රටවල් ඒ තත්ත්වයට ළඟා වූයේ හුදෙක් ඕපපාතික, තාක්ෂණික කරුණු මත නොව තමන්ගේ සාරවත් ක්‍රීඩා ඉතිහාසය නමැති අත්තිවාරම මතය. ශ්‍රී ලාංකික ක්‍රීඩා ඉතිහාසය පිළිබඳව ලියැවී ඇති අල්ප පත පොත විමසන විට ඵය අත්තිවාරමක් නැති ගෙයක් හැටියට පෙනේ.