-
අවසන් විසඳුම
0දෙවන ලෝක යුධ සමයේ නට්සි වදකඳවුරු වල සිරගත වූවන් ගේ ඉරණම පිළිබඳ සත්‍ය වෘතාන්තය – 1933 සිට 1945 අතර දොළොස් වසරක හිට්ලර්ගේ ෆැසිස්ට් පාලනය මානව ඉතිහාසයේ අඳුරුතම කාලපරිච්ඡේදය ලෙස සැලකෙයි. එම පාලනය තුළ යුදෙව්වන්, ආර්ය නොවන ජාතීන් හා අන්තවාදීන් මර්දනය කරනු සඳහා රැඳවුම් කඳවුරු හා ඝාතක කඳවුරු සමස්ත ජර්මනිය පුරාත්, ආක්‍රමණය කොට අත්පත් කරගත රාජ්‍යයන්හිත් ස්ථාපිත කෙරිණි. විවිධ ජාතීන් 32කට අයත් මිනිසුන් මෙම කඳවුරු තුළ සිරගත කළ අතර යුදෙව්වන් මිලියන හයක් සහ වෙනත් යුරෝපීය ජාතීන් මිලියන පහක් එස්. එස්. හමුදා විසින් ඝාතනය කෙරිණි. මෙහි ඇතුළත් වන්නේ එලෙස සිරගත වූවන් ගේ ඉරණම පිළිබඳ සත්‍ය කතන්දරයයි. මෙය කිසියම් කෘතියක පරිවර්තනයක් නොවේ. මෙහි කතුවරයා යුරෝපයේ දැනට සංරක්ෂණය කොට ඇති නට්සි වදකඳවුරු වල සංචාරය කොට ඒවායේ කෞතුකාගාරයන් හි තැන්පත්ව ඇති ලිපිලේඛන ද, තුන්වන රයිෂය හා නට්සි පාලනය පිළිබඳව ලියැවුණු විවිධ පොත පත හා දුර්ලභ ලිපිලේඛන රැසක් ඇසුරු කරමින් රචිත පර්යේෂණාත්මක කෘතියකි.
-
-
ආතර් සී ක්ලාක් ජීවන සටහන්
01956 සිට 2008 අභාවය තෙක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙමින් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් විසින් පළ කරන ලද පොත් පත් සිය ගණනාවක ලිපිනය ලෙස කොළඹ, ශ්‍රී ලංකාව ලෙස සඳහන් කරමින් සහ වෙනත් අන්දමින් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් විසින් අප දිවයිනට අමිල ගෞරවයක් ලබා දී ඇත. මෙම ග්‍රන්ථය මගින් ඔහු විසින් ඉටු කරන ලද කාර්යය කොටස් හතරක් ලෙස සටහන් වෙයි. *පාසල් අධ්‍යාපනයේ සිට කෘතිම චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය මගින් මනුලොව ගෝලීය ගම්මානයක් කළ අයුරු *අභ්‍යවකාශ වීර චාරිකා සංග්‍රහ සහ වෙනත් විද්‍යා ප්‍රබන්ධ වල සටහන් *අනාගතය පිළිබඳ ඔහුගේ අදහස් *ශ්‍රී ලංකාවට ඔහුගෙන් වූ සේවය
-
-
ඉබන් බතූතාගේ ලංකා ගමන
0කීරිතිමත් මොරොක්කානු උගතෙකු වූ ඉබන් බතූතා මධ්‍යකාලීන යුගයේ දේශාටනයේ යෙදුණු මාකො පෝලේ ඇතුළු අන් සියලු දේශ ගවේෂකයන්ට වැඩියෙන් රට රටවල් කරා සංචාරය කර ඇති බවට ප්‍රසිද්ධියක් උසුලයි. පුත්තලම ප්‍රදේශයේ ඉබන් බතූතා නමින් වූ දැළි කුණු වැකුණු මාර්ග සංඥා පුවරුවක් දැකීමෙන් ඒ ඔස්සේ කරුණු හාරා අවුස්සා බැලීමට අමිනා හුසේන් නම් ලේඛිකාව තුළ පෙළඹවීමක් ඇතිවේ. එකල ලංකා හෝ සෙරන්ඩිබ් නමින් පතළ දේශයේ ඉබන් බතුතා ආගිය තැන් යැයි අනුමාන කළ හැකි දිශානතිය ඔස්සේ ඇගේ ගමන ඇරඹෙන්නේ ඒ අනුවය. මුතුපර ගහන වයඹදිග මුහුදු තීරයෙන් පටන්ගෙන ලංකාවේ පූජනීය ගිරි සිරස ලෙස ප්‍රකට සිරීපාදය හරහා පහතරට දෙවිනුවර අත්‍යලංකාර දේවාලය පසු කර එද්දී බ්‍රාහ්මණ වංශික පූජකවරුන්ගේ ආශීර්වාද ලැබ හා නාට්‍යාංගනාවන්ගේ රැඟුම් දැක බලා පීත්ත පටියක් සේ දිගින් දිගට දිස්වෙන සමුද්‍රාසන්න මාවත ඔස්සේ ඇය කොළඹට ළඟා වෙයි. ඉබන් බතූතාගේ ගමන් මග සෙවූ ඈ පෙරළා නවතින්නේ තමා ගමනාරම්භ කළ පුත්තලමේදී ය. ලේඛිකාවගේ මේ චාරිකාවේ දී ඉබන් බතූනා පිළිබඳ මතක ශේෂයන් රැගත් බොහෝ දෙනෙකු හමු වී ඇත. මේ දේශගවේෂකයාගේ ලංකාගමන පිළිබඳව ගොඩනැඟී තිබූ මිථාාවන් හා පුරාවෘත්තයන් රැසක යථාර්ථය හෙළි කර ගැනීමට කතුවරිය මෙහිදී සමත් වේ.
-
-
එල්සා 2
0එල්සා නම් සිංහධේනුව වනගත දිවියට පිවිස ඊට හුරු විමත් එල්සාට සිංහයෙකු හමුවිම සහ පැටව් තිදෙනෙකු ඇති දැඩි කිරිම මෙම කෘතියෙන් විස්තර කෙරේ.
-
එල්සා 3
0එල්සා නම් සිංහධේනුව අකාලයේ මිය යැමෙන් පසුව ආනාරක්ෂිත පැටවුගේ භාරකාරත්වය යලි ඇඩම්ස් යුවල වෙත පැවරිම සහ ඔවුන් පෝෂණය කොට යලි මුදා හැරිම මෙම කෘතියෙන් විස්තර කෙරේ.
-
ගම්පොල ඉතිහාසය
0ගම්පොළ වනාහි දිවයිනේ පැරණි නගර සමූහයෙන් එකකි. අසලින් ගලා යන මහවැලි ගංගාවේ ශ්‍රීය හෙවත් ශෝබාව පැහැර ගත් තැනක් යැයි දුටු පැරණි වැසියෝ ‘ගඟසිරිපුරය’ නමින් නගරය හැඳින්වූහ. ක්‍රිව 1339 අඩසිය වසකටත් වැඩි තරම් කලක් සිංහල රජුගේ රාජධානිය බවට පත්ව තිබූ මේ නගරය වර්තමාන නගර ප්‍රදේශයෙන් දකුණු දෙස ශෝභාසම්පන්න බිම්හි පිහිටා තිබුණේය. ගම්පොළට ඒ සා දිගු ඉතිහාසයක් පටු කල්පනාකාරින්ගේ අවයව රහිත දුර්වල ප්‍රශ්නයක් වෙයි. මේ නගරයට දිගු ඉතිහාසයක් ඇති බව නම් සැබෑවකි. මනෝඥ ප්‍රවෘත්ති රැසකින් පිරී තිබෙන ඒ ඉතිහාස ගබඩාවට පිවිසෙන දොර කවුළු බඳු පැරණි පොත්පත්, සෙල්ලිපි විරල බැවින් අසන්නට ලැබෙන නැකැත් කරුණු සනාථ කොට දැක්විය නොහැකි සම්බාධය පෑන් තුඩ ඉදිරියට ගෙනයා නොදි හරස් කපයි. එහෙත් උත්සාහයෙන් ඉදිරියට ගිය කල්හි ගම්පොළ නගරයේ දිගු ඉතිහාසය දෙසට අත දිගු කර දක්වන්නවුන් වැනි ප්‍රබල සාක්ෂි කිහිපයක් දක්නට ලබෙති.
-
-
චන්ද්‍රිකා
0මෙරට පළමු කාන්තා මහ ඇමතිනිය වන සහ ජනාධිපතිනිය, ලොව සිව් වන විධායක ජනාධිපතිවරිය මෙන්ම දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලාට පමණක් දෙවැනි වූ ඡන්ද ප්‍රතිශතයකට උරුමකම් කියන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය, ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනයේ සුවිශේෂී චරිතයකි. ඇගේ පෞද්ගලික සහ දේශපාලන ජීවිතය පිළිබඳ ලියැවුණු මේ අපදානය මෙරට දේශපාලනයේ එක්තරා යුගයක් සංකේතවත් කරයි.