• අධිෂ්ඨානය - එල්ටීටීඊ පරාජය - නාවික හමුදා භූමිකාව

    අධිෂ්ඨානය – එල්ටීටීඊ පරාජය – නාවික හමුදා භූමිකාව

    0

    අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ කෘතිය තිස් වසරක් පුරා උතුරේ පමණක් නොව මුළු රටේම ජන ජීවිතය අවුලෙන් අවුලට පත් කළ යුද්ධයේ සැබෑ පසුතලය මෙන්ම කෲරත්වය ද කදිමට විග්‍රහ කරන්නකි. කරන්නාගොඩයන් හමුදා නිළධාරියෙකු සතු විය යුතු එඩිතර භාවයෙන්, තීක්ෂණ නුවණින්, ශූර බුද්ධියෙන් මෙන්ම සංයමයෙන් හා නොපසුබට උත්සාහයෙන් ද යුද ජයග්‍රහණය උදෙසා කළ කැපවීම පිළිබඳ විස්තරය මෙම කෘතියට ඇතුළත් කර තිබීම මතු පරපුරේ දැනුම පුළුල් කිරීමට මහඟු පිටුවහලක් වනු ඇත. මෙය චරිතාපදානයක් නොව යුද සමයේ නාවික හමුදාවේ වීර වික්‍රමාන්විත ක්‍රියා පිළිබඳ තොරතුරු රැසක් රැගත් වටිනා ඓතිහාසික ග්‍රන්ථයකි. – සිරි රණසිංහ / ලංකාදීප ප්‍රධාන කර්තෘ

    රු1100
    Read more
  • රජරට සංස්කෘතික උරුමය

    රජරට සංස්කෘතික උරුමය

    0

    චන්ද්‍රා වික්‍රමගමගේ

    රු750
    Read more
  • ශ්‍රී රාවන උරුමය සහ තපොරාවනය

    ශ්‍රී රාවන උරුමය සහ තපොරාවනය

    0

    මායානු වර්ෂ 5126 ක ගුප්ත ඉතිහාසය – රාවණ ඉතිහාසය ගවේශණයේ මෑතකාලීන මූලාරම්භය ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් අරඹා ඇත. උන්වහන්සේ පුලතිසි, රාවන, විභීෂණ, මහා ඇදුරන් බලවතුන් සේ දැක ඉතිහාසයට එක් කොට ඇත. සැළලිහිණි සංදේශය එහි සිහිවටනයකි. රාවණ රජු පිළිගත් හෙළයින් පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවේ වෛද්‍ය ශිරෝමණී, වෛද්‍ය නාථ ලෙස රාවණාචාර්යයන් හඳුන්වා ඇත. එබැවින් දේශීය වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සලකනු ලබන රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්වාමින් වහන්සේ රාවණ ගවේෂණයේ මහා විද්වතෙකි. අමෙරිකාවට දේශීය වෛද්‍ය විද්‍යාව ගෙන ගිය මහා රාවණ බෙහෙත් වත්ත ගොඩ නැගූ මුදලිහාමි වර්ණසූරිය මැතිඳු රාවණ ගවේෂණයේ කීර්තිමත් විද්වතෙකි.මායනු වර්ෂ 5126 ක ගුප්ත ඉතිහාසය තුළ අපේම මුතුන් මිත්තෙක් වන සක්වළට විති කියන මහා රාවණ රජතුමා දඬුමොණරෙන් පියාසර කර ඇති බවටත් එහිදී දක්නා ලද ලෝක සිතියම් හැඩතලය ටොලමි විසින් මූලාශ්‍ර කොට ගෙන ඇති බවටත් ‘තපොරාබනා’ ලෙස ‘තපොරාවනයට’ නම් කිරීම රාවන ඉතිහාසය ලොවට කියාපෑමට කදිම නිදසුනක් වනු ඇත. වාල්මිකීගේ රාමායනයේ සඳහන් ලංකාපුර යනු ලංකේශ්වර නාමය පටබැදී මහා රාවණ රජුගේ ජම්බු භූමිය ලෙසත්ය. දේව සංකල්පිකව මහේශාක්‍ය දේව සභාවේ මුලසුන ගෙන වැඩ සිටින ශිව දෙවියන්ට පමණක් දෙවැනි වන රූපයෙන්ද, හිරු දෙවියන්ට සමාන කළ හැකි හස්ති අස්ථි ප්‍රමාණයෙන් පුදලත් මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ ලොව්තුරා බුදුවරයෙකුගෙන් ලංකාවතර සූත්‍රය ශ්‍රවණය කළ මහා රාවණා රජතුමා අපට සදා අමරණීය වේ. ආචාර්ය ජලිත අමරසිංහයන් ගේ මේ විශ්ව පූජිත ග්‍රන්ථය සත්‍යයේ උල්පත වනු නොඅනුමානය.

    රු1000
    Add to cart