-
අධිෂ්ඨානය – එල්ටීටීඊ පරාජය – නාවික හමුදා භූමිකාව
0අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ කෘතිය තිස් වසරක් පුරා උතුරේ පමණක් නොව මුළු රටේම ජන ජීවිතය අවුලෙන් අවුලට පත් කළ යුද්ධයේ සැබෑ පසුතලය මෙන්ම කෲරත්වය ද කදිමට විග්රහ කරන්නකි. කරන්නාගොඩයන් හමුදා නිළධාරියෙකු සතු විය යුතු එඩිතර භාවයෙන්, තීක්ෂණ නුවණින්, ශූර බුද්ධියෙන් මෙන්ම සංයමයෙන් හා නොපසුබට උත්සාහයෙන් ද යුද ජයග්රහණය උදෙසා කළ කැපවීම පිළිබඳ විස්තරය මෙම කෘතියට ඇතුළත් කර තිබීම මතු පරපුරේ දැනුම පුළුල් කිරීමට මහඟු පිටුවහලක් වනු ඇත. මෙය චරිතාපදානයක් නොව යුද සමයේ නාවික හමුදාවේ වීර වික්රමාන්විත ක්රියා පිළිබඳ තොරතුරු රැසක් රැගත් වටිනා ඓතිහාසික ග්රන්ථයකි. – සිරි රණසිංහ / ලංකාදීප ප්රධාන කර්තෘ