-
-
-
-
පත්තර නිදහස සහ දේශපාලනය
0මෙම කෘතිය මඟින් ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව විසින් එය අවභාවිත කළ සිද්ධින් රැසක් පාඨකයාට ඉදිරිපත් කර ඇත.
-
-
-
බෝයර් සිරකරුවකුගේ මතක සටහන්
0මෙම පොතේ ප්රජාතන්ත්රවාදයේ මුර දේවතාවුන් මෙන් පෙනී සිටින ඉංශ්‍රිසි සතුරන්ට එරෙහිව යුද්ධ කරන විට කළ සැහැසිකම්, ඉතා විස්තරාත්මකව ගෙන හැර දක්වයි.
-
භාෂානුරාගයේ දේශපාලනය
0ජනතාවගේ ජීවිතය සමඟ අත්‍යන්තයෙන් ම බැඳී පවත්නා භාෂාව සමාජීය ප්රවේශයකින් අධ්‍යයනය කිරීමේ දී, හුදෙක් භාෂාත්මක තොරතුරු පමණක් නොව තත්කාලීන දේශපාලනික, ආර්ථික, සංස්කෘතික හා සාමාජික පසුබිම පිළිබඳ වැදගත් කරුණු රැසක් ද අවබෝධ ‘කර ගත හැකි වේ. භාෂානුරාගයේ දේශපාලනය නමැති මේ කෘතියේ අරමුණ වන්නේ සිංහල භාෂාව හා සමාජය ආශ්‍රිතව විසිවන සියවස මුල් භාගයේ මෙරට ඇති වූ සිංහල භාෂානුරාගි කටයුතු හා ඉන් පසුව උද්ගත වූ රාජ්‍ය භාෂා ප්රශ්නය පිළිබඳව විමර්ශනය කිරීම යි. සිංහල භාෂාවේ නූතන සමාජ ඉතිහාසය සමාජවාග්විද්‍යාත්මක ප්රවේශයකින් අධ්‍යයනය කිරීමට උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට මේ කෘතිය ප්‍රයෝජනවත් මූලාශ්‍රයක් වෙයි.
-
-11%
මගේ අරගලය – තියුණු අසිපතක සෙවණ යට Mage Aragalaya
0තමිළිනී ජෙයක්කුමාරන්
-
-
-
ලෝ පතළ සංග්රාම
0පෞද්ගලික තණ්හා ආශා, බල කාමය, දේශපාලන ව්‍යාප්තවාදය, ත්‍රස්තවාදය හෙවත් පොදුවේ ලේ පිපාසයේ නාමයෙන් ලෝක නායකයන් විසින් සිය මිත්‍ර පාක්ෂික නායකයන් සමඟ අත්වැල් බැදගෙන පුරා දස වසරක් දියත් කරන ලද ශාපලත් යුද්ධවල දී, ඔවුන්ගේ අණසකට යටත්ව මෙන්ම එරෙහිව සටන් පිටියට පිවිස මියගිය සොල්දාදුවන් මෙන්ම සිවිල් වැසියන් සංඛ්‍යාව බිලියන දෙකකට ආසන්නය. එම වෙඩි උණ්ඩවලට ගොදුරුව සඳහටම අබ්බාගාත වූ පිරිස දෙකොටි පනස්ලක්ෂයකි. එම බිහිසුණු ලෝක සංග්රාමවල රුදුරු සටන් සහ එම අනුවේදනීය ශෝකාන්තයේ කඳුළු කථාව ලෝ පතළ සංග්රාම ඔස්සේ වර්තමානයට පිවිස ඇත. ලොව මහා බල සම්පන්න යුද්ධ හමුදාවෝ තම බල පරාක්‍රමය සනිටුහන් කිරීම සඳහා කළ කෲරකම් සහ ඝාතන ලොමු, දැහැගන්වන සුලුය. එම අසම්මත ව්‍යායාමවල අතුරු ප්‍රතිඵලය වු මරණය සහ මරණයේ වේදනාව විස්තර කළ හැකි ජගතෙකු මෙතෙක් පහළ වී නොමැත. ලොව ප්‍රබලම සංග්‍රාමයක් බවට පරිවර්තනයවු ඉරාක යුද්ධයේ දී ඇමෙරිකාව සහ එහි මිත්‍ර පාක්ෂික හමුදාවෝ ලේ පිපාසිත සදාම් හුසේන්ගේ ඉරාක ග්රහණයෙන් කුවේටය මුදවා ගැනීම සඳහා අවි බලයට වඩා සංකීර්ණවු නූතන තාක්ෂණය භාවිතා කළහ. එහිදී වර්ග සැතපුම් 20 ක් වු සොම් භූමියේ වර්ග සැතපුම 7 ක් අල්ලා ගැනීම සඳහා වු සටනේ දී 24 පැයක දී සොල්දාදුවෝ 150,000 ක් මිය ගිය හ.