-
-11%
ජීවිතයට පාඩම් සියයක් Jeewithayata Padam 100
0උපාලි රත්නායක
-
තරගයේ වීරයා
0ජීවන ක්‍රිඩාවේ විශිෂ්ටව දිනන්න මඟ පෙන්වන ජීවන රහස් 11ක් මෙහි වේ. ජීවිතයේ ඔබ නියැලෙන ඕනෑම ක්ෂේත්‍රයක තරගයේ වීරයෙක් වෙන්න බලපාන සියලු ක්‍රම හා විධි එකින් එක හෙළිකරන ප්‍රබල උපක්‍රම වට්ටෝරුවක් වශයෙන් මෙම අගනා කෘතිය හැඳින්විය හැකියි. YES I CAN නම් ජනප්‍රිය ධනාත්මක චින්තන මන්තරයෙන් පමණක් සැහීමට පත්නොවී, ජීවිතය දිනන්න මඟ පෙන්වන ක්‍රම, විධි සහ සංකල්ප එකතුවක් කියවීමට ප්‍රිය උපදවන කතා ශෛලියකින් මෙහි අන්තර්ගත කර තිබේ. පාසැල් ශිෂ්‍යාගේ සිට විධායක ජනධිපති දක්වා වු ඕනෑම කෙනෙකුගේ පීවිතය කරන්න සමත් තරගයේ වීරයා කෘතිය එක හුස්මට කියවා සැනසෙන්නට නොව, අවබෝධයෙන් කියවා ජීවිතය වෙනස් කර ගන්න හිතන හැමෝටම වඩාත් සුදුසුයි.
-
-
-10%
නොගන් ගිරිහිස නෙතින් ඉවතට Nogan Girihisa Nethin Iwathata
0මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබින් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය, ලොව පිළිගත් විධායක නිලධාරීන්, ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියයකට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් එක්කරමින් ඔබ ජයග්‍රාහී ඉලක්කයක් කරා මෙහෙයවීමට මෙම පොත ඉවහල්වනු ඇත. රොබින් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව විශේෂඥයින්ගෙන් කෙනෙකි. ඔහු තම මෙහෙවරට කැප වී ලෝකයේ කීරිතිමත් ආයතනවලට සේවා උපක්‍රම සහ ධනාත්මක – ක්‍රමවේදයන් පිළිබඳව උපදෙස් දෙමින් සහයවන්නෙකි. ඔහුගේ කෘති භාෂා 70 කට වැඩියෙන් පරිවර්තනය කර ඇති අතර එහි පිටපත් මිලියන ගණනක් විකිණී ඇත. ජනප්‍රිය රොක් ගායකයින්, රාජකීයයන්, වසායකයින් අතර ඔහු ඉතාමත් ජනප්‍රියය. මෙය ඔහු විසින් රචිත The Greatness Guide පළවන පොතෙහි පරිවර්තනයයි.
-
-
ප්‍රායෝගික මනෝ විද්‍යාව – මනස පුහුණු කිරිම
0සංවර්ධනය මේ ග්‍රන්ථයෙහි අරමුණු වේ. ඔබ සෞඛ්‍යය දියුණු කර ගැනිම ගැන, ආත්ම විශ්වාසය පුහුණු කර ගැනිම ගැන, සිතෙහි එකඟ කම ඇති කර ගැනිම ගැන, ආකර්ෂණීය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්ම පරිපුර්ණ කර ගැනිම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සංතුෂ්ටිය ගැන, උනන්දු වන්නෙහි නම්, මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනිම සඳහා උදව් වේ.
-
-6%
පියෙන් පියවර නැගෙන් මුදුනට Piyen Piyawara Nagen Mudunata
0මේ The Greatness Guide පොතේ දෙවන පියවරයි. රොබින් ෂර්මා මෙහිදීත් සිය අපූර්ව අන්තර්ඥානයන් හා ලොව විශිෂ්ටත්වයට, සාර්ථකත්වයට පත්කරලීමේ ක්‍රමවේදයන් ඔබ හා බෙදා හදා ගනියි. ජීවිතය ජය ගැනීමට, එය සාර්ථක කරගැනීමට මේ සිතුවිලි සහ උපක්‍රම ඔබට බෙහෙවින් උපකාරි වනු ඇත. * වැඩ කිරීමේදී සහ පුද්ගලික දිවියේදී ලෝක මට්ටමට ළඟා වීමට * මන බඳනා සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමේ හොඳම මග හදා ගැනීමට * අසාමාන්‍යයකුවීමට අවැසි ආවේගය, ආශාව, උද්යොගය මතුකර ගැනීමට * දිවියේ සතුට සොයා යාමට හා වඩාත් විනෝදකාමීව ජීවිතය ගෙවිමට * ජීවිතයේ දුෂ්කර අවස්ථාවන්ට දිරීමත්ව සහ නිහතමානීව මුහුණ දීමට * ඔබේ පුද්ගලික දිවිය මෙන්ම වෘත්තියමය දිවිය වඩාත් සරල කර ගැනීමට මෙයින් ඔබට අසාමාන්‍ය උපදෙස් රැසක් ලැබෙනු ඇති. එළඹී ඇත්නේ ඔබේ වාරයයි. ඉහළ මිනිස් දිවියක් හිමිකර ගැනීමට ඔබටත් පුළුවන්. අවැසිවන්නේ එයට නිසි මඟ පෙන්වීමක් සහ නොසිඳෙන දිරියයි. මේ, එය ලබාදෙන, එය මතුකරලන තිළිණයක්.
-
මහමොළකාරයෝ
0විශිෂ්ට ව්‍යාපාරිකයන්ගේ අති සාර්ථකත්වයේ රහස් – 21 වෙනි සියවසයේ සාර්ථකත්වයට වැඩිම බල්‍පෑමක් කළේ ව්‍යපාර බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. අනාගත අභියෝගයන්ට නොබියව මුහුණ දී ජීවිතය සාර්ථකත්වයට පත්කර ගැනීමට නම් සියලු දෙනාම ව්‍යාපාර දර්ශනය අවබෝධ කරගත යුතුය. ඒ සඳහා ලෝකය වෙනස් කළ විශිෂ්ට ව්‍යාපාරිකයන් නැවත හැදෑරීමෙන් සමාජයේ වෙසෙන සෑම කෙනෙකුටම ඉගෙනගත හැකි පාඩම් බොහෝය. මෙම කෘතිය ඊට මහඟු පිටුවහලක් සපයයි.
-
-
-