Availability: In Stock

හස්ති වියරුව

SKU: BKS-P1-A1296

Original price was: රු1000.Current price is: රු900.

සුජීව දිසානායක, ගයංගා දිසානායක

Available on backorder

Description

ගැට වර ඇත් පැටවුන් සෙල්ලම් කරන ආකාරය බලාසිටීම විනෝද ජනකය. තම දළ පටලවා ගෙන එකිනෙකා පෙරළා දමන්නට වෙර දරති. නැතිනම් හිස් වලින් ඇණ ගැනීමට වෙර දරති. දණගසාගෙන පොර අල්ලන උන් මොහොතකට එකිනෙකාගෙන් මිදෙති. යළිත් පොර අල්ලති. එකවරම එය නතර කර වෙනත් යමක් කරති. නැතිනම් කෙටි ආහාරයක් ගැනීමට යති. කෙටියෙන් කිව හොත් උන් සැබෑ මිත්‍රශීලී වාතාවරණයක් යටතේ ජීවත් වෙති. එක හා සමාන වයසේ අලි පැටවුන් එකට ආහාර ගන්නා අයුරු බොහෝ විට දැකගන්නට හැකිය. උන් සමගියෙන් ජීවත් වීමට මුල පටන් ම හුරු වන බවට එය සාධකයකි.