Availability: In Stock

වෛමානිකා ශාස්ත්‍ර සහ පුරාතන ගුවන් යානා

SKU: BKS-P1-A1156

රු490

ආර්. පී. සමරසිංහ

3 in stock

Description

ඒ ක්‍රිස්තු වර්ෂ 1998 අවසාන භාගයයි. ගත සිත නිවාලන ශීත සෘතුව ආරම්භවිය. භාරතීය ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන්, සාහිත්‍යධරයන් සහ බටහිර විද්‍යාඥයන් ආදී විද්වත් සමාජය තුළ අනපේක්ෂිත ආකාරයේ සුවිශේෂිත කතිකාවතක් ගොඩ නැගුනේ කෙසේ ද යන්න අපැහැදිලිය. එය භාරතීය ශිෂ්ටාචාරය සමඟ සැබැඳි -මාහාභාරත්- පුරාවෘත්තයේ සඳහන්ව ඇති ගුවන් යානා පිලිබඳවය. එවැනි කතිකාවතක් ඇතිවීමට හේතු පාදක වූ කාරණය වූයේ පුරාතන භාරතයේ මහා සෘෂි භරද්වාජ විසින් සංස්කෘත භාෂාවෙන් සම්පාදනය කර තිබුණ -වෛමානිකා ශාස්ත්‍ර- නමැති කෘතිය පිළිබඳව බටහිර විද්‍යාත්මක ඇසකින් බැලීමට කටයුතු කිරීමය. විශේෂයෙන්ම විසිවන සියවසේ පළමු දශකයේ දී පණ්ඩිත් අනිකාල් සුබර්යා ශාස්ත්‍රී විසින් එය ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීමට ද ඊට හේතු පාදක වූ තවත් කාරණාවක් බව කිවහැකිය. මේ අතරේ සංස්කෘත බසින් ලියවුන මෙහි මුල් කෘතියේ පිටපත් කිහිපයක් ද ඉන්දියාවේ ඉපැරණි හින්දු කෝවිල් වල වූ පුස්තකාලවලින් සොයා ගැනීමට හැකියාව ලැබුණ නිසා මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම වඩාත් පහසුවක් වී තිබුණේය.

Reviews

There are no reviews yet.

Be the first to review “වෛමානිකා ශාස්ත්‍ර සහ පුරාතන ගුවන් යානා”

Your email address will not be published. Required fields are marked *