Description
අසෝක ගුණතිලක
රු375
පෞද්ගලික තණ්හා ආශා, බල කාමය, දේශපාලන ව්‍යාප්තවාදය, ත්‍රස්තවාදය හෙවත් පොදුවේ ලේ පිපාසයේ නාමයෙන් ලෝක නායකයන් විසින් සිය මිත්‍ර පාක්ෂික නායකයන් සමඟ අත්වැල් බැදගෙන පුරා දස වසරක් දියත් කරන ලද ශාපලත් යුද්ධවල දී, ඔවුන්ගේ අණසකට යටත්ව මෙන්ම එරෙහිව සටන් පිටියට පිවිස මියගිය සොල්දාදුවන් මෙන්ම සිවිල් වැසියන් සංඛ්‍යාව බිලියන දෙකකට ආසන්නය. එම වෙඩි උණ්ඩවලට ගොදුරුව සඳහටම අබ්බාගාත වූ පිරිස දෙකොටි පනස්ලක්ෂයකි. එම බිහිසුණු ලෝක සංග්රාමවල රුදුරු සටන් සහ එම අනුවේදනීය ශෝකාන්තයේ කඳුළු කථාව ලෝ පතළ සංග්රාම ඔස්සේ වර්තමානයට පිවිස ඇත. ලොව මහා බල සම්පන්න යුද්ධ හමුදාවෝ තම බල පරාක්‍රමය සනිටුහන් කිරීම සඳහා කළ කෲරකම් සහ ඝාතන ලොමු, දැහැගන්වන සුලුය. එම අසම්මත ව්‍යායාමවල අතුරු ප්‍රතිඵලය වු මරණය සහ මරණයේ වේදනාව විස්තර කළ හැකි ජගතෙකු මෙතෙක් පහළ වී නොමැත. ලොව ප්‍රබලම සංග්‍රාමයක් බවට පරිවර්තනයවු ඉරාක යුද්ධයේ දී ඇමෙරිකාව සහ එහි මිත්‍ර පාක්ෂික හමුදාවෝ ලේ පිපාසිත සදාම් හුසේන්ගේ ඉරාක ග්රහණයෙන් කුවේටය මුදවා ගැනීම සඳහා අවි බලයට වඩා සංකීර්ණවු නූතන තාක්ෂණය භාවිතා කළහ. එහිදී වර්ග සැතපුම් 20 ක් වු සොම් භූමියේ වර්ග සැතපුම 7 ක් අල්ලා ගැනීම සඳහා වු සටනේ දී 24 පැයක දී සොල්දාදුවෝ 150,000 ක් මිය ගිය හ.
Out of stock
Reviews
There are no reviews yet.