Description
කැට කැබලිත්තක් අතින් ගෙන නැගී සිටි මිනිසා, චින්තනයෙන් පිරිපුන්, හසුරු කෞශල්‍යතා විදහා දක්වමින්, ඈත අභ්‍යවකාශයේ ග්‍රහලෝක වෙත, යානාවන් පිටත්කර යවමින් සිටියි. විශ්වයම අතැඹුලක් සේ එකමිටට හකුළුවා පෑමට සමත්ව ඇත. අඬහැරයකින්, ජන කවියකින්, ශ්‍රමයේ ශක්තිය එක්තැන් කළ ඔහු විදුලි මොළ ජාලයෙන් ලොවම උද්‍යානයක් කර, එහි සිරි-අසිරි වින්දනය කරයි. ප්‍රසාරණය, සංකෝචනය අතර පවත්නා විජානනය, මගින් ලෝකය එක්‌සේසත් කිරීමට උත්සුක වේ. ඒ මහඟු මිනිසාගේ යශෝ ගීතය විවිධ ජනමාධ්‍යයන්හි ඓතිහාසික ගමන් මාර්ගයේ රාව ප්‍රතිරාව නැගේ.