Description

රම්බඩගල්ල ගම්මානයේ අඩි 67.5 ක් උසැති සුවිසල් සමාධි බුදු පිළිම වහන්සේ ඉදිකිරීම පිළිබඳ කතා පුවත මෙම පොතින් දිග හැරෙයි. එය දැඩි උත්සාහයක හා විශ්වාසයක ප්‍රතිඵලය අපට කියා පාන කතා වස්තුවකි. සැබෑ ලෙසම තම අරමුණ කරා ළගාවීමට අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමෙන් කෙනෙකුට ඉටු කළ නොහැක්කක් නොමැත යන කතාවකි. වසර 850 ක කාල සීමාවක් තුළ දී ඉදි වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ ගැන සහ බෞද්ධ භික්ෂුවක් හා හින්දු ව්‍යාපාරිකයෙක් සමඟ බැඳුණු මිතුදමින් ඉදි වූ ආශ්චර්යවත් සමාධි බුදු පිළිමයක කතාන්දරයකි. මෙම ග්‍රන්ථය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම රචිතය.