Description
ලක්දිව නොයෙකුත් ප්‍රදේශ වාසභූමි කොටගෙන විසූ පැරණි ජන සමාජය සහ විවිධ ශාක වර්ග අතර පැවති සම්බන්ධතාවය විමසා බැලීම මෙම කෘතියෙන් සිදුකර ඇත. මෙහිදී විශේෂයෙන්ම පුරාණ මානවයන්ගේ ඒකායන හා නිෂේධක අවශ්‍යතා සපුරා ගැනීමට ශාක සමග මානවයා පවත්වාගෙන යන ලද සහසම්බන්ධතාවය පැති කිහිපයක් ඔස්සේ අවධානයට ලක්කර ඇත