Description
ලංකා ඉතිහාසයේ එතරම් දීර්ඝ නොවූ, එහෙත් වැදගත්කම අතින් මුල් තැනක් ගන්නා සීතාවක රාජධානි සමයට අයත් එක ම ගද්‍ය කෘතිය සේ සැලකිය හැකි ‘අලකේශ්වර යුද්ධය’ නමැති මේ කුඩා පොත “රාජාවලිය” නමැති ඉතිහාස කෘතියට ද මුල් වූ ලේඛනය යි. මෙය ඓතිහාසික ලේඛනයක් වශයෙන් වැදගත්කමක් හිමි කර ගන්නා අතර ම සීතාවක රාජධානි සමයේ භාෂා ලක්ෂණ මෙන් ම සාහිත්‍ය තත්ත්වය ද කියා පාන්නකි.