Description

සංස්කෘතිය යන වචනය අද කාටත් හොඳට පුරුදු ය. එහෙත් ඉන් අදහස් කරන්නේ කුමක් දැයි තේරුම් ගැනීම එතරම් පහසු නොවේ. මේ විෂයය විශ්වවිද්‍යාලවල පමණක් නොව දැන් පාසල්වල ද ඉගැන්වීමට උනන්දුවක් දක්වති. පොදු ජනතාව අතර ද දැන් සංස්කෘතිය ගැන සැලකිල්ලක් දක්නට තිබේ. “අපේ සංස්කෘතිය” නම් මේ ග්‍රන්ථයෙහි ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කරුණු දක්වා ඇත. පිළිගත් සම්මත අනුව කරුණු දක්වමින් මානව සමාජයේ හැඩගැස්ම , ඒ අනුව සංස්කෘතියේ වෙනස්කම් ද පෙන්වීම සඳහා මෙහි මුල් පරිච්ඡේද කීපයක් ම වෙන් කර ඇත. ඉන්දු නිම්න සංස්කෘතිය හා ශ්‍රී ලංකාවේ ශිලා සංස්කෘතිය ගැන ද කරුණු පැහැදිලි කර ඇත. බුදු සමයත්, ඉන් සිදු වූ හැඩගැස්ම ගැනත් කරුණු පැහැදිලි කිරීමේ දී බොහෝ දෙනා පිළිගත් කරුණු ඒ පරිද්දෙන් ම දක්වා ඇත.