Description
අන්දරේ සිංහල ජනසාහිත්‍යයේ විශේෂ චරිතයක් වුවද මෙතෙක් අන්දරේ පිළිබඳ ලියැවී ඇති සෑම පොතක් ම අසම්පූර්ණ එකක් බව පෙනෙන්නට තිබේ. අන්දරේගේ අන්දරය ඒ අඩුව සපුරාලන අන්දරේ පිළිබඳ පලවන අපූරු ග්‍රන්ථයක් බවට පත්වනු ඇත. ළමා සහ යෞවන සාහිත්‍ය සහ තවත් සාහිත්‍ය කෘතින් රැසක් පළකර ඇති සිඩ්නි මාකස් ඩයස්, අන්දරේගේ අන්දරය තුළින් විශේෂ මෙහෙවරයන් දෙකකට සම්මාදම් වී ඇත. ඉන් පළමු වැන්න නම් අන්දරේ පිළිබඳ ප්‍රචලිත කතා විශාල ප්‍රමාණයක් ලේඛනගන කිරීමය. දෙවැන්න නම් විසිරුණු කතා එකතුව යම් හේතුඵල සම්බන්ධයක් ඇතිව අමුනා අන්දරේ චරිතයට උපරිම සාධාරණය ඉටු වන අයුරින් එය ප්‍රතිනිර්මාණය කිරීමය. අන්දරේගේ අන්දරය ළමා සහ යොවුන් පාඨකයන්ට පමණක් නොව වැඩිහිටි පාඨකයන්ටද එකසේ රසවිඳිය හැකි ඔවුන්ගේ අවධානයට ලක්විය යුතු අපූර්ව නිර්මාණයකි.
Reviews
There are no reviews yet.